ලන්ඩන් ආයෝජන ලංකාවේ


ශ්‍රි ලංකාවේ යළි  මහා පරිමාණ ආයෝජන ආරම්භ කිරිමට  මහා බ්‍රිතාන්‍යයේ කොටස් වෙළඳ පොළ අද (30) තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය කියයි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ලන්ඩන් කොටස් වෙළඳ පොළේ ආයෝජකයන් සමඟ පැවැත්වු  සාකච්ඡාවේ ප්‍රතිපලයක් ලෙස මේ අවස්ථාව හිමිවී ඇත.

කොළඹ කොටස් වෙළඳ පොළ විසින් ලන්ඩන් නුවර  සැවෝයිහි පැවැත්වු කොටස් වෙළෙඳ පොළ ආයෝජකයන්ගේ සමුළුවේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වු කරුණානායක මහතා ශ්‍රී  ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කිරිමේ ප්‍රතිළුලයක් ලෙස ඉහත එම අවස්ථාව හිමිවු බව මුදල් අමාත්‍යාංශය කියයි.