ලයිසියම් අපුරේ යයි


ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ නව පාසල් පරිශ්‍රය  අනුරාධපුර, ඉසුරු පුර නව නුවර පාරේ, අංක 128 දරන ස්ථානයේදී විවෘත විය.

අංග සම්පුර්ණ ප්‍රාථමික පාසල් අංශයයක්,නවීන පහසුකම්  සහිත පුස්තකාලයක්,පරිගණක විද්‍යාගාරයක් ඇතුළු සියලු පහසුකම් ද එහි ඇතැයි එහි පාලකයෝ කියති.

ලයිසියම් ජාත්‍යන්තර පාසල් නිර්මාතෘ  අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු,ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ සම්බන්ධිකරණ විදුහල්පතිනි කුමාරි ග්‍රේරු මහත්මිය, අනුරාධපුර නගරාධිපති එච්.පී සෝමදාස, ප්‍රාදේශීය ලේකම් සමන් බන්දුලසේන මහත්වරු  ආචාර්ය මණ්ඩලය,කාර්ය මණ්ඩලය හා මව්පියෝ මේ අවස්ථාවට එක්ව සිටියහ. 

 

 DSC_0774 DSC_0782 DSC_0791 DSC_0811