‘‘සිසුන් හත් දෙනකුගෙන් කුඩා පෙර පාසලක් ලෙස ආරම්භ වූ පාසල අද ලංකාවේ විශිෂ්ටතම ජාත්‍යන්තර පාසලක් ලෙසින් ඉදිරියට පැමිණ ඇති බවත් අධ්‍යාපනයෙන් පමණක් නොව ගුණ ගරුක අපේ සංස්කෘතිය අගයන දරුවන් පිරිසක් මේ ගෙවී ගිය විසි වසරේ රටට දායාද කරන්නට හැකිවීම පිළිබදව ආඩම්බර වන බවත් ‘‘යෞවන කටුයතු නිපුණතා සංවර්ධන හා අධ්‍යාපන අධික්ෂණ මන්ත්‍රී හා නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ නිර්මාතෘ මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.
නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විසිවැනි සංවත්සරයේ කේක් ගෙඩිය කැපු ඔහු පාසලේ විශිෂ්ටත්වය වෙනුවෙන් කැපවු ගුරුවරුන් හා කාර්යාල සේවකයනට සම්මාන පිරීනැමීය. විදුහල්පති වෙනුරි හෙට්ටිආරච්චි , සම්බන්ධීකරණ විදුහල්පති කුමාරි ග්‍රේරු නියෝජ්‍ය විදුහල්පති බන්දුල ගල්ප්පත්ති, විජිත් ප්‍රනාන්දු , ප්‍රාථමික අංශ ප්‍රධානාචාර්ය දුලිකා මෙන්ඩිස් යන මහත්ම මහත්මීහු ද එහි වුහ.