ලයිසියම් කේම්බි‍්‍රඡ් සම්මාන දිනයි


කේම්බි‍්‍රඡ් විශ්ව විද්‍යාලයීය සාමාන්‍ය පෙළ හා උසස් පෙළ  විභාග සඳහා 2012 - 2013 වසර වල පෙනී සිටි ශ‍්‍රී ලංකාවේ සිසුන් සඳහා සම්මාන ප්‍රදානය කිරීම කොළඹ කින්ස්බරි හෝටලයේදී පැවැත්විණි

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ සිසුහු තිදෙනෙක් ද කේම්බි‍්‍රජ් උසස් පෙළ විභාගයේ ලොව ඉහළම ලකුණු ලාභී සිසුන් ලෙස ඇගයීමට ලක් වුහ.

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අසේල් ඉන්දුල පඩුවාවල කේම්බි‍්‍රජ් උසස් පෙළ පරිගණක විෂයයෙන්ද සජිදු ප‍්‍රමෝද්‍යා පෙරේරා, ගිණුම්කරණ විෂයයෙන් සහ කාවින්ද්‍යා තෙන්නකෝන් සමාජ විද්‍යා විෂයෙන්ද සම්මාන ලැබුහ.

කේම්බි‍්‍රජ් උසස් පෙළ ප‍්‍රතිඵල මත ශ‍්‍රී ලංකාවේ ඉහළම ලකුණු ලාභි සිසුන් ලෙස නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ කාවින්ද්‍යා තෙන්නකෝන් (ආර්ථික විද්‍යාව) පසිදු සංජුල පෙරේරා (භෞතික විද්‍යාව) අසේල ඉන්දුල පඩුවාවල (ගණිතය) තෙවින් උදාර වනසේකර (රසායන විද්‍යාව) බිනුරි සුලක්කනා ගුණරත්න (ජීව විද්‍යාව) පසිදු ප‍්‍රමෝදය පෙරේරා (ගණිතය) රුසිත් බිම්සර ගේ‍්‍රරු (ගණිතය) ද

වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ ෆයිසීල් අහමද් (භෞතික විද්‍යාව) සහ ඉශාරා උවයිස් (ව්‍යාපාර අධ්‍යනය) ද සම්මාන ලබා ගත්හ.

කේම්බි‍්‍රජ් සමාන්‍යපෙළ විභාගය සඳහා පෙනී සිටි නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල් සිසුන් අතරින් නටාලි කාවින්දි රොද්‍රිගූ (මානව හා සමාජ විද්‍යාව) විදුශානි ජයංගා ධනවංශ (ගණිතය රසායන විද්‍යාව සහ පරිඝනක) තරුෂි අමායා සූරියආරච් (ජීව විද්‍යාව) දල රත්නපුර ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ හසිනි වික‍්‍රමතුංග (සිංහල) ද වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල නියෝජනය කළ විනු විහාන් (භෞතික විද්‍යාව) සහ සදුනි සමන්තිලක (ඉංග‍්‍රීසි සාහිත්‍ය) ශ‍්‍රී ලංකාවේ ඉහලම ලකුණු ලාභීන් ලෙසද සම්මාන ලැබුහ.

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල් බුද්ධි මධුශංක රණසිංහ (සාමාන්‍ය පෙළ) ලෝක ඉතිහාසය (1917 - 1991) සඳහා ද  උසස් පෙළ විෂයය ධාරාවන් යටතේ සඳමිණි ඇතාකඩ ප‍්‍රංශ භාෂාව වෙනුවෙන් සහ කාවින්ද්‍යා තෙන්නකෝන් සමාජ විද්‍යා හා නීතිය වෙනුවෙන් ඉහළ දක්ෂතා පෙන්නුම් කරමින් කේම්බි‍ජ් විභාග සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වුහ.

ඡායාරූපය    - (වමේ සිට දකුණට)

පළමු පෙළ   - අසේල ඉන්දුල , සජිදු ප‍්‍රමෝද්‍යා පෙරේරා,රීෂ්මා ඉමාරා උවයිස්, රුසිත් බිම්සර ගේ‍්‍රරු.

දෙවැනි පෙළ  - උදාර වනසේකර, බිනුරි සුලක්ඛනා, ෆාසිල් අහමද්, පසිදු සංජුල පෙරේරා, හසිනි  වික‍්‍රමතුංග, නටාලි කාවින්දි රොද්‍රිගු.

තෙවැනි පෙළ - තරුෂි අමායා සූරියආරච්චි, විදුශානි ජයංගා, සදුනි සමන්තිලක, විනු විහාන්, බුද්ධි මධුශංඛ රණසිංහ,  සදමිණි ඇතාකඩ.