ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ නව පාසල් පරිශ්‍රය පානදුර වලාන බොක්කේගම අංක 38 ස්ථානයේදී විවෘත විය.
අංග සම්පුර්ණ ප්‍රාථමික පාසල් අංශයයක්,නවීන පහසුකම් සහිත පුස්තකාලයක්,පරිගණක විද්‍යාගාරයක් ඇතුළු සියලු පහසුකම් ද එහි ඇතැයි එහි පාළකයෝ කියති.
ලයිසියම් ජාත්‍යන්තර පාසල් නිර්මාතෘ අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු,ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ සම්බන්ධිකරණ විදුහල්පතිනි කුමාරි ග්‍රේරු,ආචාර්ය මණ්ඩලය,කාර්ය මණ්ඩලය හා මව්පියන් මේ අවස්ථාවට එක්ව සිටියහ.