නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් හතර වැනි වරටත් ආරම්භ කැරුණු මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන ගුරුවරියන්ට විධිමත් පුහුණව දීම සදහා වන පාඨමාලාව වසරක්ම පැවැත්වීමට යයි.
කොළඹට පමණක් සීමා නොවී විශේෂයෙන් උතුරු නැගෙනහිර නියෝජනය වන අයුරින් දිවයින පුරා අඩු පහසුකම් ඇති ප්‍රදේශයන් හි ගුරුවරියන්ට විධිමත් පුහුණුවක් නොමිලේ ලබා දේ.
මෙම පුහුණුව මගින් දරුවන්ගේ අධ්‍යාපනය හරවත් අයුරින් නිසි ක්‍රම වේදයකට ලබා දීමට ඇති හැකියාව වර්ධනය කිරීම අරමුණයි.
2005 වසරේ දී ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් ආරම්භ කරන ලද මෙම වැඩසටහන යටතේ මේ වන විට දෙදසකට අධික පිරිසක් පුහුණු කොට ඇති අතර මෙම වසරේදී පමණක් 2000 ක් පුහුණු කිරීම ඉලක්කය වී ඇත.
පාඨමාලා සමරම්භය මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පූර්ව ළමා විය සහ ප්‍රාථමික අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ කේ ඒ ඩී පී සරත්චන්ද්‍ර,ලයිසියම් පාසලේ මාධ්‍ය ලේකම් ජනිත දිසානායක, ලයිසියම් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික නිකිත ග්‍රේරු මහතා ඇතුළු අධ්‍යාපනඥයින් රැසකගේ මූලිකත්වයෙන් සිදුවිය.