( විනීතා එම් ගමගේ )
බහරේනයේ සේවය කරන ශී‍්‍ර ලාංකික සේවයකයන්ගේ සේවය පිළිබඳව එරට කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්‍ය ජමීල් බින් මොහමඞ් මහතා ශ්‍රී ලංකා අධිකරණ හා විදේශ රැකියා ඇමතිනි තලතා අතුකෝරල මහත්මිය හමුවේ ප‍්‍රසංශාව පළ කළේය.
අතුකෝරළ මහත්මිය අද බහරේන් රාජ්‍යයේ කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්‍ය ජමීල් බින් මොහමඞ් මහතා එරට දී හමුවූ අවස්ථාවේ මෙම අදහස් පළ කළ අතර දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කිරීම සඳහා ඉදිරියේදී ගන්නා නව කි‍්‍රයාමාර්ග පිළිබඳව ද ඔවුහු සාකච්ඡා කළහ.
මේ වන විට බහරේනයේ ශී‍්‍ර ලාංකිකන් 11,000 ක පමණ ප‍්‍රමාණයක් රැකියාවල නිරත බවත් ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් සොයා බලා කටයුතු කරන බවත් බහරේන් කම්කරු සහ සමාජ සංවර්ධන අමාත්‍යවරයා එහි දී පවසා ඇත.
එසේම අමාත්‍යවරිය මෙහිදී මැදපෙරදිග රාජ්‍යයක් ලෙස බහරේන් රාජ්‍යය ලංකාවට ලබාදෙන රැකියා අවස්ථා සම්බන්ධව සතුටු වන බවත් ඉදිරියේදී වැඩි රැකියා අවස්ථා ප‍්‍රමාණයක් ශී‍්‍ර ලාංකිකයින්ට ලබා දීමට කටයුතු කරන ලෙසත් ඉල්ලීමක් කර ඇත.
මීට අමතරව විගමණික ශ‍්‍රමිකයින්ගෙන් ශී‍්‍ර ලංකාවට වැඩි ආදායමක් ලැබෙන බවත් ගත වූ වසරේදී ඇමෙරිකන් ඩොලර් බිලියන 7.9ක ආදායමක් විදේශ ගත ශ‍්‍රමිකයින්ගෙන් ලැබුණු බවත් පැවසූ අමාත්‍යතුමිය එම අදායම ශී‍්‍ර ලංකාවට විදේශ විනිමය ගෙනෙන තේ, පොල්, රබර්, ඇඟලූම් කර්මාන්තය, සහ මැණික් හා ස්වර්ණාභරණ යන අංශයන්ට වඩා වැඩි බව ප්‍රකාශ කළාය.