ලේසියෙන් දඹදිව යන ක්‍රමයට වැඩි ඉල්ලුමක්


රාජ්‍ය සේවයේ නියුතු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වාරික වශයෙන් අය කිරීමේ පදනම මත දඹදිව වන්දනාව සඳහා ගුවන් ටිකට් පත් ලබාදීමේ මිහින් ලංකා ව්‍යාපෘතියට බොහෝ දෙනා ඉල්ලුම් කර ඇතැයිද එයින් විශාල සහනයක් ලැබී ඇතැයිද එම සමාගම පවසයි.

මෙම සහනදායී ක්‍රමය යටතේ විශ්‍රාම වැටුප් ලාභීන්ට අමතරව වැන්දඹු විශ්‍රාම වැටුප් ලාභීන්ටද දඹදිව යාමේ අවස්ථාව ලබාගත හැකි බව ඔවුන් කියයි.