ලොව ලොකුම මගී ගුවන්යානයක් කටුනායකට


(ටී.කේ.ජී.කපිල )

එමිරේට්ස් ගුවන් සමාගම ලෝකයේ විශාලතම මගී ගුවන් යානයක් අද(14) සවස 4.30 ට පමණ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළට එවා තිබිණි.

කොළඹ සිට ගුවන්ගමන් කටයුතු සිදුකිරීම සඳහා කටුනායක ගුවන්පථයට එම යානය ගොඩබස්සවා පරීක්ෂා කිරීම සඳහා යානය එහි පැමිණ තිබූ අතර මෙම යානයේ බඳ තට්ටු දෙකකින් සමන්විතය.

ප්‍රංශයේ නිෂ්පාදිත A -380 වර්ගයට අයත් එකක් වන අතර , එහි මගීන් 540 කට එකවර ගමන් කළ හැකිය . දැනට මෙම සමාගම සතුව මෙවැනි ගුවන් යානා 96 ක් ඇති අතර , තවත් යානා 48 ක් මිලදී ගැනීම සදහා ඇනවුම් කර ඇති බව කියති.