ලොව හොඳම සෞඛ්‍ය සේවා සහිත රටවල් 34 ට ශ්‍රී ලංකාවත්


ලෝකයේ රටවල් 144ක් අතුරින් සෞඛ්‍ය සේවා සහ ජීවිත රැකවරණය ඇති හොඳම රටවල් 34ට ශ්‍රී ලංකාවද ඇතුළත් වී ඇතැයි ගෝලීය ආර්ථික සංසදය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
 
එම දර්ශකයට අනුව සෞඛ්‍ය සහ පැවැත්ම සඳහා ශ්‍රී ලංකාව පළමු ස්ථානය හිමිකරගෙන ඇති අතර, අධ්‍යාපන මට්ටම අනුව 86 වැනි ස්ථානය හිමිකරගෙන ඇත.  දේශපාලන බලගැන්වීම අතින් 65 වැනි ස්ථානය හිමිකරගෙන ඇති ශ්‍රී ලංකාව ආර්ථික සහභාගීත්වය සහ අවස්ථාවන් සඳහා 123 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ.

එමෙන්ම මෙම දර්ශකය අනුව ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ පරතරය 0.669 කි.  
 
දේශපාලන බලගැන්වීම් දර්ශකයේ පළමු ස්ථානයද ආර්ථික සහභාගීත්වය සහ අවස්ථා දර්ශකයේ 14 වැනි ස්ථානයද හිමිකරගෙන සිටින අයිස්ලන්තය අධ්‍යපන මට්ටම සඳහා 57 වැනි ස්ථානය හිමිකරගෙන ඇත. සෞඛ්‍ය සහ පැවැත්ම දර්ශකයේ 114 වැනි ස්ථානය අයිස්ලන්තයට හිමිව තිබේ.