ගෝලීය පියාසර කිරිමේ නවතම සංඛ්‍යා ලේඛන අනුව , මෙම වසරේ පළමු මාස හය තුළ ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සමාගම් 40 අතරින් 5 වැනි ස්ථානය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හිමි වී ඇතැයි ශ්‍රී ලංන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියයි.
ශ්‍රී ලංකන් කණ්ඩායමේ සෑම සාමාජිකයකුගේම කාර්යසාධනය පිළිබඳව අතිශයින් සතුටට පත්වන බවත් ස්ථාවර හා දිගුකාලීන සාර්ථකත්වයක් අත්කර ගැනීම සඳහා වෘත්තීය මට්ටමේ වෘත්තීය කුසලතාවයන් අද්විතීය මට්ටමින් ඉහළ නංවා තිබෙන බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා සඳහන් කළේය.