වයඹටත් හමුදා නිවසක්


අබාධිත රණවිරුවන් සදහා ඉදිවුණු ‘අභිමංසල - 3 ‘ සහන සේවා මධ්‍යස්ථානය මෙම මස 25 වැනිදා විවෘත කරන බව ශ්‍රී ලංකා යුධ හමුදාව කියයි.

කුරුණෑගල,පන්ගොල්ල ප්‍රදේශයේ ඉදිකර ඇති මෙම සහන සේවා මධ්‍යස්ථානයෙන් වයඹ පළාතෙන් තෝරාගැනෙන ආබාධිත රණවිරුවන් 50 දෙනෙකු නේවාසිකව තබාගෙන ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම ඔවුන්ව රැකබලාගැනීම සිදුකෙරෙනු ඇත.

සහන සේවා මධ්‍යස්ථානය විශාල ප්‍රමාණයේ නිවාස 8 කින්,කුඩා පරිමානයේ නිවාස 2 කින්,ජල චිකිත්සක හා භෞත චිකිත්සක පහසුකම් වලින්,ආයුර්වේද ප්‍රතිකාර අංශයකින්,වෛද්‍ය පර්යේෂණාගාරයකින් හා වාට්ටුවකින් සමන්විතය.

ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ කි්‍රයාත්මක වන අභිමංසල වැඩසටහනෙන් ආබාධිත රණවිරුවන් ඔවුන්ගේ ජීවිත කාලය පුරාවටම රැකබලා ගැනීම අරමුණු කෙරේ.වැඩසටහන යටතේ පළමු අභිමංසල මධ්‍යස්ථානය අනුරාධපුරයේදී ඉදිකෙරුණු අතර දෙවැන්න ‘අභිමංසල 2‘ ලෙස කඹුරුපිටියේද,මිහිදු සෙත් මැදුර ලෙස තවත් මධ්‍යස්ථානයක් අත්තිඩියේද ඉදිකර තිබේ.