( ජුඩ් සමන්ත)
වාරකන් සමය එළැඹී ඇතත් විවිධ වර්ගයේ මසුන් සුලබව හලාවත මුහුදේදී ධීවරයින්ට නෙලා ගැනීමට හැකියාව ලැබී ඇත.
පසුගිය දින කීපය තුළ මීවැටියන් මාළු විශාල වශයෙන් ධීවරයින් විසින් නෙලා ගෙන තිබුණි. හුරුල්ලෝ මාළු විශාල ප්‍රමාණයක් හලාවත මාළු අළෙවිසලට ධීවරයින් විසින් රැගෙන විත් තිබුණි.
හුරුල්ලන් කිලෝ ග්‍රෑම් 01 ක් රුපියල් 200 – 300 ත් අතර මිළකට අලෙවි වේ.
මීට පෙර වාරකන් සමයේදී මේ ආකාරයට මාළු අස්වැන්නක් නෙලා ගැනීමට හැකියා නොමැති බවද මෙම තත්ත්වය අසාමාන්‍ය බවත් හලාවත ධීවරයෝ පවසති.