වසර 22කට පසු රාජ්‍ය ආදායම වැඩි වෙලා


පසුගිය මාස 8ත් 10ත් අතර  කාලයේදී රාජ්‍ය ආදායම සියයට 1ත් 2ත් අතර ප්‍රමාණයකින් වැඩිවී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

පසුගිය වසර 22ක පමණ කාලයේදී එනම් 1994 සිට මේ දක්වා රාජ්‍ය ආදායම වැඩිවී නැති බවත් එය සියයට 20 සිට සියයට 10 දක්වා අඩුවී තිබෙන බවත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

පසුගිය කාලයේදී යම් ප්‍රමාණයක හෝ ආදායම වර්ධනයක් ලබාගත්තේ වැට් බද්දත් නොමැතිව බව කී අබේවර්ධන මහතා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව මගින් ලැබිය යුතු ආදායම් පසුගිය කාලයේදී  වැඩිකරගෙන තිබෙන බවද සඳහන් කළේය.

විදේශීය ණය ලබාගැනීම සීමා කර අපනයනයන් ඉහළ නංවා ආනයන අඩුකිරීමට රජය පියවර ගනිමින් සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය.

රටේ ආර්ථීකය දියුණු කිරීමේ පියවරක් ලෙස මෙම කටයුතු කරන බව ද   අබේවර්ධන මහතා කීවේය.

හෙතෙම මේ බව පැවසුවේශ්‍රී ලංකා නිදහස් පඬ මූලස්ථානයේදී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.