නිමල කොඩිතුවක්කු
එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ යටතේ රුපියල් 50,000 සිට මිලියන 750ක් දක්වා ණය ලබා දීමට රජය පියවර ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
නිර්මාණශීලි තරුණයන්ට සහ ව්‍යවසායකයන් ඉලක්ක කරගනිමින් රජය මෙම වැඩසටහන ආරම්භ කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම වැඩසටහනට සමගාමීව කෘෂි නවෝදය, රිය ශක්තිය, රිවි බළශක්ති ආදී ණය ලබාදීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බවත් මෙම ණය සඳහා අඩු පොලී අනුපාතයක් අයකිරීමට රජය පියවර ගෙන ඇති බවත් ඔහු පැවසීය.
ශ්‍රි ලංකවේ සිටින ව්‍යවසායකයන් සංඛ්‍යාව දෙලක්ෂ තිස්දහසක් වන අතර එය වැඩකරන ජනතාවගේ ප්‍රතිශතයක් ලෙස ගත්විට සියයට තුනට වඩා අඩු බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ව්‍යවසායකයන්ට ප්‍රමුඛත්වය දී ව්‍යවසායකයන් දිරිගැන්වීමේ අරමුණ ඇතිව මෙම වැඩපිළිවළ ක්‍රියාත්මක බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
ව්‍යවසායකයන්ට මිලියන 750 දක්වා ණය පහසුකම්
Recommended Articles