ව්‍යාපාරිකයාගෙන් වතුපිටිවල රෝහලට ලක්ෂ දෙකහමාරක්


වතුපිටිවල මූලික රෝහලේ කාය චිකිත්සක අංශයේ හා දන්ත ශල්‍ය වෛද්‍ය ඒකකයේ පවතින අඩුපාඩු කිහිපයක් සම්පූර්ණ කිරීමට පී.ඇල්.සී.බයිරා සමූහ ව්‍යාපාරයේ සාමාන්‍යාධිකාරී ඇම්.අයි.වාහිඩ් මහතා රුපියල් 2,50,000 මුදලක් එහි සංවර්ධන පදනමේ සභාපති අත්තනගල්ල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පන්නිල ආනන්ද නාහිමියන්ට එම රෝහලේදී පරිත්‍යාග කළේය.

රෝහල් වෛද්‍ය අධිකාරී අජිත් විජේසුන්දර හා පී.ඇල්.සී සමූහ ව්‍යාපාරයේ කළමනාකරු ඇස්.පී.කුමාරදාස යන මහත්වරුද එම අවස්ථාවට එක්වූහ.

webwathupitiwala_2015112