වාසනා ලද්දෝ


මහජන සම්පත 3000 වැනි දිනුම් ඇදීමේ ත්‍යාග කොල්ලුපිටිය ජාතික ලොතරැයි මණ්ඩල ප්‍රධාන කාර්යාලයයේ දී අද (26) සිදු විය.

පළමු වැනි ත්‍යාගය වන ටොයෝටා ප්‍රියස් සී හයිබ්‍රිඩ් මෝටර් රථය කැලණියේ බී ඉන්ද්‍රා කාන්ති මහත්මියට හිමි විය. වත්තල අලෙවි නියෝජිත මංජුල ප්‍රියදර්ශන මහතා ටිකට් පත කළෙවි කළේය.

සභාපති ශ්‍යාමිලා පෙරේරා මහත්මිය කාරය පිරිනැමීය.

සුපිරි වාසනා සම්පත 1000 වැනි වාරයේ දිනුම් ඇදීමෙන් යතුරු පැදිය කෑගල්ලේ ප්‍රනීත් දනන්සූරිය මහතා දිනා ගත්තේය.

ක්‍රියාකාරී අධ්‍යක්ෂ එම් කේ හසන්, සාමාන්‍යාධිකාරී නාලක කළුවැව, අතිරේක සාමාන්‍යාධිකාරී ප්‍රභාත් සන්ධ්‍ය තේජ, ප්‍රධාන මූල්‍ය නිලධාරී හර්ෂ බණ්ඩාර මහත්වරු ද ඊට සහභාගී වූහ.

DSC_0002 DSC_0012 DSC_0017