කොළඹ කොල්ලුපිටිය - ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ අධික වාහන තදබදය අවම කිරිමේ අරමුණින් ඉදිකෙරෙනන රාජගිරිය ගුවන් පාලම මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල, මුදල් ඇමැති රවී කරුණානායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (06) ඇරඹිණි.
ස්පාඤ්ඤ රජයේ ණය ආධාර මත ඉදිකෙරෙන මෙම ගුවන් පාලම සදහා යන වියදම රුපියල් කෝටි 850 කට ආසන්න මුදලකි.මීටර 363ක් දිගින්ද මංතීරු 4 කින් ද යුක්තය.