වාහන ලීසිං වටිනාකම යළිත් ඉහළට


වාහන මිලදී ගැනීමේදී කල්බදු ලීසිං පහසුකම් ලබාගැනීමේදී වාහනයේ මුළු වටිනාකමින් 30% ක මුදලක් ගෙවිය යුතු වන බවට නීතිය දෙසැම්බර් 1 වැනිදා සිට ක්‍රියාත්මක බව මුදල් අමාත්‍යංශය කියයි.

ඒ අනුව වාහන සඳහා කල්බදු ලීසිං ලබාදිය හැක්කේ එහි වටිනාකමින් 70% ක උපරිම සීමාවකට පමණි. මීට පෙරද නව රජය යටතේ මෙම නීතිය ක්‍රියාත්මක කෙරුණු අතර පසුගිය මාසයේදී නැවත වාහන කල්බදු ලීසිං ලබාදීමේ සීමාව වාහනයේ වටිනාකමින් 10% ක් දක්වා පහත දැමිණි.