අලුතින් මිලදී ගන්නා වාහන සඳහා ලීසිං වටිනාකම 70%ක උපරිම සීමාවකට යටත් කරමින් ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට නව චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු ආරංචි පවසයි.
මේ අනුව මෙතෙක් ලබාදුන් වාහනයේ සම්පූර්ණ වටිනාකම සඳහා වන කල්බදු පහසුකම වාහනයේ වටිනාකමින් 70%ක ප්‍රමාණයක් සඳහා පමණක් ලබාදෙනු ඇත.
මෙරටට ගෙන්වන වාහන ප්‍රමාණය වැඩිවීම නිසා මෙම තීරණය ගන්නට ඇතැයි මහ බැංකු ආරංචි කියයි.