වෑගපිටිය උපහාරය කිවිදා


ශ්‍රී ලංකාවේ හොඳම ව්‍යවසායකයා දෙරණ සම්මානය දිනා ගත් ‘ලාෆ්ස්‘ හිමිකරු ඩබ්ලිව්.කේ.එච්.වෑගපිටිය මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨ ප‍්‍රධාන රැස්වීම් ශාලාවේදී ලබන 30 වැනිදා පෙරවරු 9.30ට පැවැත්වීමට යයි.

වෑගපිටිය මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථින්ගේ සංගමයේ සභාපතිවරයා ද වේ. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථින්ගේ සංගමය එක්ව මෙම උත්සවය සංවිධානය කරයි.