උතුරු පළාතේ දුෂ්කර ප‍්‍රදේශ වල අලූතින් නැණසල මධ්‍යස්ථාන 40 ක් ඇති කිරීමට ශී‍්‍ර ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය සැරැසේ.
මෙම මධ්‍යස්ථාන ඇති කෙරෙන්නේ ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් වලට අනුවය.
එළැඹෙන දෙසතියේදී නැණසල මධ්‍යස්ථාන 20 ක් ඇති කිරීමට සැළැසුම් කර ඇතැයි ශී‍්‍ර ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ප‍්‍රධානී හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති ජනාධිපති උපදේශක මහාචාර්ය පී.ඩබ්ලියු ඈපාසිංහ කියයි.
නැණසල මධ්‍යස්ථාන පිහිටුවීමේ අරමුණ දුෂ්කර ප‍්‍රදේශවල වෙසෙන ජනතාවටත් තොරතුරු තාක්ෂණයේ භාවිතයන් හදුන්වාදීම බව ඈපාසිංහ මහතා පවසයි.
නව මධ්‍යස්ථාන 40 ත් සමග උතුරු පළාතේ පිහිටුවා ඇති නැණසල මධ්‍යස්ථාන සංඛ්‍යාව 58 දක්වා ඉහළ යනු ඇත.