විදුලි කාර්මික හා ඉංජිනේරු ප්‍රවර්ධන වැඩසටහනක් මහනුවරදී


(රංජන් කස්තුරි)

විදුලි ක්ෂේත්‍රයේ කාර්මිකයින් ඉංජිනේරු ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ඒ සම්බන්ධ උනන්දුවක් දක්වන්නන් වෙනුවෙන් නොමිලේ පැවැත්වෙන පරීක්ෂණ හා මිනුම් උපකරණ ප්‍රදර්ශනයක් සමගින් ප්‍රවර්ධන වැඩසටහනක් ජූලි 21 හා 22 දිනවල මහනුවර මහවැලි රීච් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය.

මාර්ල්බෝ ට්‍රේඩින් සමාගම මෙය සංවිධානය කර ඇති අතර ප්‍රවර්ධන වැඩසටහන භාෂා ත්‍රිත්වයෙන්ම පැවැත්වෙන අතර ඇමරිකා එක්සත් ජනපදයේ සහ සිංගප්පූරුවේ විශේෂඥයින් ගේ දැනුම ද එහිදී ලබාගැනීමේ හැකියාව ඇත.