මගීන්ගේ ගමන් පහසුව සඳහා ලංකාවේ ප්‍රථම වරට විදුලි පඩි පෙළක් සහිත ගුවන් පාලමක් පානදුර නගරයේ ගාලු පාර ආසන්නයේ ඉදිකර ඇත.
ආබාධිතයන් හා වැඩිහිටියන්ට සඳහා මාර්ගයේ දෙපස විදුලි සෝපාන දෙකක් ද තනා තිබේ.
ලෝක බැංකු ආධාර යටතේ රුපියල් කෝටි 17 කට අධික මුදලක් වැය කර රුහුණු ඩිවලොප්මන්ඩ් කන්ට්‍රැක් ඇන්ඩ් ඉංජිනියර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මෙම ගුවන් පාලම ඉදි කළේය. මාර්ග සංවර්ධන අධිකාරියේ අධික්ෂණය යටතේ සියලුම ඉදිකිරිම් සිදුවිය.
ගුවන් පාලමේ දිග මීටර් 45 කි. පළල මීටර් 3 ½ පමණ වේ.