විදුලි බිල වැඩි කිරීම ශ්‍රීලංකාවේ සංචාරක හෝටල් කර්මාන්තයට එල්ල කළ මරු පහරක් බව ශ්‍රීලංකා සංචාරක හෝටල් සංගමය පවසයි.
තවද හෝටල් වෙනම කොටසක් ලෙස වර්ග කර විදුලි බිල වැඩි වීම ගණනය කර තිබීම අසාධාරණ බව ඔවුහු කියති.ඔවුනට අනුව හෝටල් යනු කර්මාන්තයකි. එහෙත් විදුලි බිල වැඩිකිරිීමේදී කර්මාන්ත වෙනමත් හෝටල් වෙනමත් වර්ග කර ඇත.මෙහිදී කර්මාන්ත වලින් අයකරගන්නවාට වඩා වැඩි ගණනක් හෝටල් වලින් විදුලි ගාස්තු ලෙස අයකර ගැනීමට කටයුතු සැළැසී ඇතැයි හෝටල් සංගමයේ හිටපු ප්‍රධානී ශ්‍රීලාල් මිත්‍රපාල මහතා පවසයි.
එනිසා කර්මාන්ත කොටසටම හෝටල් එක්කර ගතයුතු බව ඔහුගේ අදහසයි.
විදුලිය ඉතිරි කරගැනීමට දැනටමත් හෝටල් බොහෝමයක් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවත් තත්ත්වය මෙසේ වුවහොත් සේවා සැපැයුම අවම කිරීම විනා කළ හැකි කිසිදෙයක් නොමැති බවත් ශ්‍රීලංකා සංචාරක හෝටල් සංගමය කියයි.