විශිෂ්ටතම සමස්ත සේවා සම්මානය ශ්‍රී ලන්කන් ගුවන් සේවයට


අනාගත සංචාරක අත්දැකීම් ආසියා සම්මාන උළෙලේ දී (Future Travel Experience Asia Awards ) මධ්‍යම සහ දකුණු ආසියාවේ විශිෂ්ටතම සමස්ත සේවා ගුවන්සේවය ලෙස ශ්‍රීලංකන්  ගුවන් සමාගම නොකඩවා තෙවැනි  වසරටත් සම්මාන දිනාගත්තේය. මෙම සම්මාන උළෙල ආසියානු සහ ශාන්තිකර කලාපයේ පාරිභෝගික කේන්ද්‍රීය  ගුවන් සේවා සහ ගුවන් තොටුපළ විසින් පිළිගනු ලබන සම්මාන උළෙලකි. 
 
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී  කපිතාන් සුරේන් රත්වත්ත මහතා ප්‍රකාශ කර සිටියේ  මෙම සම්මානය ගුවන් සමාගමේ ගුවන් මෙන්ම භූමි කටයුතු මෙහෙයවන  සෑම  සාමාජිකයකුගේම සුවිශේෂී උත්සාහයන්හි සෘජු  ප්‍රථිඵලයක් බවයි. 

“අපගේ සේවා සහ  නිෂ්පාදන තුළ පවතින දිගු කාලීන සහ  උසස් තත්ත්වයේ  ප්‍රමිතීන් මෙමගින් පෙන්නුම් කරනවා” යයිද රත්වත්ත මහතා පැවසීය. 
 
රත්වත්ත මහතා  වැඩිදුරටත්  ප්‍රකාශ කර සිටියේ ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා අප ලබාදෙන කැපවීම තුළින් අපගේ සමස්ත ගමන් මග තුරාවට  පාරිභෝගිකයන්ට ප්‍රතිලාභ රැසක්  හිමිකර දී ඔවුන්ව තෘප්තිමත් කිරීමේ අභිමානය ගුවන් සමාගම  සතුවී ඇති බවයි. 
 
පසුගිය සති කිහිපයේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගෝලීය සහ කලාපීය ගෞරවනීය සම්මාන රැසක්  දිනාගත්තේය. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සිය විශිෂ්ටතාවය විදහා දක්වමින් ගුවන් සේවා මගීඅත්දැකීම් සංගමයේ (Airline Passenger Experience Association (APEX) ඉහළඇගයුම්  (Four Star) ලැබීමටසමත්විය. එසේම කලාපීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ “ප්‍රමුඛතම ජාත්‍යන්තර ගුවන්සේවය” ලෙස 2017 වසරේ දෙවැනි වාර්ෂික දකුණු ආසියානු සංචාරක සම්මාන උළෙලේදී පැසසුම්ලැබීය. රටවල් ගණනාවකට අයත් අනෙකුත් ගුවන් සේවා අභිබවා යමින් ශ්‍රී ලන්කන් ව්‍යාපාරික පංතිය කලාපයේ සමස්ත ගුවන් සේවා මැදිරිපංතිඅතරින් “විශිෂ්ටතම පංතිය” ලෙස සම්මානයට පාත්‍රවිය. ගුවන්යානා අභ්‍යන්තර සේවා ආසියා-ශාන්තිකර කලාපීය සම්මාන උළෙලේදී‍    “වාණිජ ගුවන් යානා ආසන මැදිරි සඳහා වන නවෝත්පාදනය” සඳහා ද  ගුවන් සමාගම සම්මානයෙන් පිදුම් ලැබීය. 
 
ශ්‍රීලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලන්කන් ගුවන් සේවය වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන්සේවයක් ලෙස කොළඹ සිට ගෝලීය ගුවන් ගමන් ජාලයේ ගමනාන්ත 102 දක්වා සිය ගුවන් ගමන් විහිදුවයි. නවීන ගුවන්යානාවන්හි සුව පහසුආසන, නවීන පන්නයේ විනෝදාස්වාද පද්ධති, 
 
ගුවන් යානා අභ්‍යන්තර ආහාරපාන මෙන්ම සුහදශීලී ගුවන් මැදිරිකාර්ය මණ්ඩලයේ උණුසුම් ආගන්තුක සත්කාරය අත්විඳීමට ශ්‍රී ලංකන් ගුවන් මගීන්ට මෙමගින් හැකිවේ.
ශ්‍රී ලංකන්  සිය  වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හරහා  රටවල් 160 ගමනාන්ත 1000 දක්වා ගුවන් ගමන් සිදුකරනු ලබයි. 
 
පින්තූරය:
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සිංගප්පූරුවේ කළමනාකාර මොහාන් මීගොල්ල මහතා (දකුණ ) ගුවන් සමාගම වෙනුවෙන්2017 අනාගත සංචාරක අත්දැකීම් ආසියා සම්මාන උළෙලේ දී  සම්මානය ලබාගන්නා අයුරු