ශ්‍රී ලංකාවේ චීන ආයෝජන වැඩිවෙයි


උපුල්වික්‍රමසිංහ - චීනයේ යුන්නාන්හි සිට....

චීනයේ එක් තීරයක්- එක් මාවතක් වැඩසටහන දකුණු ආසියානු කලාපීය රටවල් අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීමෙහිලා වැදගත් බවත් ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් ක්‍රියාකාරී භූමිකාවක් නිරූපණය කරන බවත් මේ වැඩසටහනත් සමග ඉදිරියේදී ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආයෝජන පැමිණෙනු ඇතිබවත් මහජන චීනසමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා ඊයේ (15) චීනයේ යුන්නාන්වලදී සඳහන් කළේය.

ඒ මහතා එසේ පැවසුවේ යුන්නාන් පළාතෙහි යුව්ෂිනගරයේදී ඊයේ ආරම්භවූ චීන-දකුණු ආසියා ව්‍යාපාර සහයෝගීතාව සඳහා වන උසස් මට්ටමේ වටමේස සාකච්ජාව ක්‍යසබ්-ීදමඑය ්ිස් ්‍යසටය ඛැඩැක ඍදමබාඒඉකැ ඵැැඑසබට දෙර ඊමිසබැි ක්‍දදචැර්එසදබ අමතමිනි. මේ සමුළුව, ඉකුත් 14 වැනිදින ආරම්භවූ චීන-දකුණු ආසියා සහයෝගීතා සාකච්ජා සමුළුව ක්‍යසබ්-ීදමඑය ්ිස් ක්‍දදචැර්එසදබ ත්‍දරමප ට සමගාමීව පැවැත්වුණි. චීනය හා දකුණු ආසියාතික රටවල් අතර ව්‍යාපාර, ප්‍රාදේශීය ආණ්ඩුකරණ, දුගීභාවය තුරන්කිරීම හා මුල්‍ය සහ පුද්ගල හුවමාරු යන ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් මේ චීන-දකුණු ආසියා සහයෝගීතා සාකච්ජා සමුළුවෙහිදී විශේෂ අවධානයක් යොමුවෙයි. මේ සමුළුවෙහි සමාරම්භක උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තානාපතිවරයාත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාත් එක්ව සිටියහ. මේ මස 20 වැනි දිනතෙක් එය පැවැත්වෙයි.

චීන-දකුණු ආසියා ව්‍යාපාර සහයෝගීතාව සඳහාවන උසස්මට්ටමේ වටමේස සාකච්ජාව අවසානයේ ලංකාදීපය සමග අදහස් දක්වමින් කොඩිතුවක්කු මහතා පැවසුවේ ආසියානු කලාපයේ විශාලතම ආර්ථිකය බවට පත්ව තිබෙන චීනයත් දකුණුආසියානු කලාපයත් අතර ආර්ථික සහයෝගීතාව ගොඩනැගීම කෙසේ සිදුකළ යුතුද යන්න සම්බන්ධයෙන් මේ සමුළුවේදී ඉහළ අවධානයක් යොමුවූ බවත් දැනට එම සබඳතාව චීනයට වාසිසහගත ලෙෂ පැවතුණද එය දිගුකාලීන වශයෙන් ආර්ථික සංවර්ධනයට හොඳ ප්‍රවණතාවක් නොවන බව චීනයද අවබෝධකරගෙන ඇතිබවත් එය සමබර කිරීමටඅවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙහි වැදගත්කම මෙහිදී දීර්ඝ වශයෙන් අවධානයට යොමුවූ බවත්ය.