ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින් පිළිබඳ සමීක්ෂණ වාර්තාව එළි දකී


බ්‍රිතාන්‍ය   කවුන්සලය  මගින්  ඇරැඹූ   ගෝලීය  සමාජ  ව්‍යවසාය  ව්‍යාපෘතිය  ශ්‍රී ලංකාවේ  සමාජ  ව්‍යවසායකයන් පිළිබඳ   සමීක්ෂණ  වාර්තාව    එළිදැක්වීම  කොළඹ   ටාජ් සමුද්‍ර   හෝටලයේ දී අද (28)  සිදුකෙරිණි .    

එක්සත්  ජාතීන්ගේ  ‘එස්කැප්‘   ආයතනයේ  සහය  ඇතිව  ලංකා  සෝෂල්  වෙන්චර්ස්  ආයතනයත්  බ්‍රිතාන්‍ය  සමාජ  ව්‍යවසායකයන්ගේ  ආයතනයත්  සහ  තවත්   ආයතන රැසකගේ   සහය  ඇතිව  මෙම  සමීක්ෂණය  කර ඇත.

කර්මාන්ත හා වානිජ  අමාත්‍ය  කටයුතු   පිළිබඳ අමාත්‍යා  රිෂාඩ්  බදියුදීන් ,ශ්‍රී  ලංකාවේ  බ්‍රිතාන්‍ය   කවුන්සිල්  කාර්යාලයේ   අධ්‍යක්ෂිකා  ගියිල් කෝයිල්ඩිකෝට් , ආචාර්ය  ලලිත්  වෙලමැදගේ  යන  මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි විය. 

(ඡායාරූප   චතුර එස් .කොඩිකාර)