ශ්‍රී ලන්කන් ගුවන් සේවයට තවත් සම්මානයක්


 
ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම වියට්නාමයේ ෆූ ක්වොක් හි පැවති ලෝක සංචාරක සම්මාන ජාත්‍යන්තර උළෙලේ දී  “ඉන්දියානු සාගර කලාපයේ  ලොව ප්‍රමුඛතම ගුවන් සේවය” ලෙස සම්මානයෙන් සම්මාන ලබයි. 

ලොව ප්‍රමුඛතම ගුවන් සමාගම් 13 ක් මෙම සම්මානය සඳහා නිර්දේශ වී තිබිණි. 

ශ්‍රීලංකන් ගුවන් සමාගම මේ වන විටත් දකුණු ආසියා කලාපයේ ගමනාන්ත 14 ක් වෙත සතියකට ගුවන් ගමන් වාර 133ක් සිදුකරයි.

ඩකා, කරච්චි සහ ලාහෝර් වැනි ජනප්‍රිය නගර වලටද ශ්‍රීලංකන් ගුවන් සේවය මෙහෙයුම් සිදුකරයි. මාලදිවයින ශ්‍රී ලංකාවේ දිගුකාලීන වෙළඳපොළක් වී ඇති අතර  ඒ අනුව ශ්‍රීලංකන් ගුවන් සමාගම මාලදිවයින වෙත සතියකට ගුවන් ගමන් වාර 31 ක් පිරිනමයි.

එසේම  ශ්‍රීලංකන් ගුවන් සේවය සිය ගුවන් ගමන් ජාලය ව්‍යාප්ත කරමින් නිවාඩු සංචාර සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් මැදපෙරදිග, යුරෝපය, ඈත පෙරදිග සහ ඕස්ට්‍රේලියාව වෙත මෙහෙයුම් සිදු කරයි.  

ශ්‍රීලංකන් ගුවන් සේවය මාලදිවයිනේ ගැන් දුපත වෙත  ගුවන් මෙහෙයුම් සිදු කළ ප්‍රථම අන්තර්ජාතික  ගුවන් සේවය වන අතර ඒ අනුව මාලදිවයිනේ ගමනාන්ත දෙකක් වෙත ද මෙහෙයුම් සිදුකරන  එකම ගුවන් සමාගම බවට ද පත්විය.

2017 වසරේ  ශ්‍රීලංකන් ගුවන් සමාගම  , ලෝක සංචාරක සම්මාන ආසියානු කලාපීය සම්මාන උළෙලේ දී ආසියාවේ ප්‍රමුඛතම සංස්කෘතිකමය වටිනාකමින් යුත් ගුවන් සේවය ලෙස සහ එම උළෙලේ දී ම  ඉන්දියානු සාගර කලාපයේ  ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය  ලෙස ද  පසුගියදා   පැසසුම් ලැබීය.