ශ්‍රීලංකන් ගුවන් සමාගමේ විකුණුම් කාර්යාල ජාලය ව්‍යාප්ත කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද නවතම ශ්‍රීලංකන් විකුණුම් කාර්යාලය අනුරාධපුර නගරයේදී අද දින (20) විවෘත කිරීමට නියමිතය.
පාරිභෝගිකයන්ගේ පහසුව සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් පිහිටුවන ලද නවවැනි විකුණුම් කාර්යාලය මෙය වේ. මෙම කාර්යාලය විවෘත කිරීමත් සමඟ සංචාරක විධි පහසුකිරීම සඳහා අවශ්‍ය සියලුම කාර්යයන් එකම ස්ථානයකින් කරගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදා වනු ඇත.
මෙම විකුණුම් කාර්යාලයේ මගී නියෝජිත මෙහෙයුම්කරු ලෙස කටයුතු කරනු ලබන්නේ ට්‍රැවල් කෙයාර් ග්ලෝබල් (Travel Care Global (Pvt) Ltd ) ආයතනය වන අතර නො: 522/1-C මෛත්‍රීපාල සේනානායක මාවත, අනුරාධපුර යන ස්ථානයේදී මෙම කාර්යාලය විවෘතව පවතී.