ශී‍්‍ර ලංකාවේ මේ වන විට හෝටල් ආදී ඉදිකිරීම් වලට ආයෝජනය කර ඇති ආයෝජකයන් මාර්ගයෙන් 2013 වසර අවසානය වන විට ඩොලර් කෝටි 280(රුපියල් කෝටි 35840) ක මුදලක් උපයා ගැනීමට රජයට හැකි වනු ඇතැයි ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
ශී‍්‍රලංකා රජයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතී නිසා ශී‍්‍රලංකාවට වැඩි වැඩියෙන් ආයෝජකයින් ඇදී එමින් සිටි බව ඇමැති කියයි.ආයෝජකයින්ගෙන් බහුතරය අවධානය යොමු කර ඇත්තේ සංචාරක කර්මාන්තය කෙරෙහි බව හෙතෙම සදහන් කරයි.
ආයෝජන මුවාවෙන් රට පවාදීමට රජයේ කිසිදු සැළැස්මක් නොමැති බවත් විවාදයට තුඩුදී ඇති කැසිනෝ ශාලා ඇතිකිරීම ගැන උනන්දු වන ආයෝජකයන්ට රජය මහා පරිමාන බදු සහන ලබා දී ඇතැයි පැවැසෙන කතා පදනම් විරහිත බවත් ඇමැති අවධාරණය කරයි.