( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවට සංචාරකයින්ගේ පැමිණීම පසුගිය මාසයේ දී සියයට 19.3 කින් වර්ධනය වී ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව පෙබරවාරි මාසය තුළ දි සංචාරකයින් ලක්ෂ දෙකක් පමණ මෙරටට පැමිණ ඇති අතර පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව හා සැසඳීමේ දී මෙම වර්ධනය පෙන්නුම් කරන බවද එම අධිකාරිය විසින් මාසිකව නිකුත් කරන නවතම දත්ත වාර්තාවක සඳහන් වේ.
ඉකුත් පෙබරවාරි මාසය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් චීනයෙන් පැමිණ ඇති අතර එම සංඛ්‍යාව 36,000ක් පමණ වේ. ඉන්දීයානු සංචාරකයින් 32,000ක් ද බි‍්‍රතාන්‍ය සංචාරකයින් 23,000ක් ද එම කාලය තුළ පැමිණ ඇත.
මේ අතර ජනවාරි සිට මාර්තු දක්වා කාලය තුළ විදෙස් සංචාරකයින් හාර ලක්ෂ හැත්තෑ පන්දහසක් පමණ දිවයිනට පැමිණ තිබේ.