ශ්‍රී ලංකාවේ හෝටල ඇතුළු සංචාරක ආයෝජන වැඩිදියුණු කිරිමේ අරමුණින් ජාත්‍යන්තර සංචාරක ආයෝජන ආසියා සමුළුව ලබන නොවැම්බරයේ දී ප්‍රථම වරට ශ්‍රී ලංකාව් දී පැවැත්වීමට නියමිතය.
නොවැම්බර් 27 සිට 29 දක්වා හිල්ටන් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය. ආයෝජකයින් 300 කට අධික පිරිසක් සහභාගී වෙතියි සංචාරක ආයෝජන ආසියා සමුළුවේ ශ්‍රී ලංකා සංවිධායක ආචාර්ය ප්‍රභාත් චන්දිම උක්වත්ත කියයි.