සංචාරකයන් වැඩි වුණත් රට සල්ලි අඩුයි


පැහැදිලි සැලැස්මක් නොමැතිව සංචාරක ව්‍යාපාරයෙන් රජය අපේක්ෂා කරන ඉලක්ක සපුරා ගැනීම සිහිනයක් බව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ දැවැන්තයෙකු වන ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා පවසයි. ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම වැඩිවී ඇතත් ඔවුන්ගෙන් ලැබෙන රට සල්ලි ප්‍රමාණය වැඩි වී නොමැකති බව ඔහු පෙන්වා දෙයි. ඉහළ පැලැන්තියේ සංචාරක ආකර්ෂණය දිනාගැනීමට නම් විෂය කෙරෙහි අත්දැකීම් බහුල ප්‍රවීණයන්ගේ සහයෝගයෙන් සංචාරක ව්‍යාපාරයේ ගුණාත්මක භාවය ඉහළ දැමීමට කටයුතු කිරීම ඉතා වැදගත් බව ඔහු සඳහන් කරයි.