මොරගල්ල ඊඩ්න් සංචාරක හෝටලයේදී දේශිය විදේශීය සංචාරකයන් වෙනුවෙන් අලුත් අවුරුදු උත්සවයක් අද (14) එම හෝටලයේදී පැවැත්විණි.
ජර්මන්, චීන, ඔස්ට්‍රියා ආදී රටවල් රැසක සංචාරකයෝ රැසක් ඊට එක්ව සිටියහ.
කඹ ඇදීම, ලිස්සන ගහ නැගීම, කොට්ට පොර ඇතුළු ශ්‍රී ලංකාවට ආවේණික ජන ක්‍රීඩා රැසකට මෙහිදී දෙස් විදෙස් සංචාරකයන් සහභාගී වූ අතර එම හෝටලයේ සාමාන්‍යධිකාරී එක්සත් විජේරත්න, නේවාසික කළමනාකරු ප්‍රසන්නද අල්විස් යන මහත්වරුන්ගේ මූලිකත්වයෙන් අවුරුදු උත්සවය සංවිධානය කැරිණි.