(රොමේෂ් මධුෂංඛ)
ජනතාවට සහන සැලසීමේ අරමුණින් සතොස ජංගම වෙළඳ රථ මඟින් අත්‍යාවශ්‍ය භාණ්ඩ ගම් මට්ටමින් අලෙවි කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදීයුර්න් මහතා පවසයි.
සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක් සහන මිලට සතොස ජංගම වෙළඳ රථ මඟින් ජනතාවට ලබා දීමේ වැඩසටහනක් ජනපති හා අගමැතිගේ උපදෙස් මත අද (23) දිස්ත්‍රික්ක කිහිපයක ආරම්භ කළ බවත් ඉදිරියේ දී දිවයින පුරා එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්ය.
මෙහි මූලික අදීයරේදී ජංගම වෙළඳ රථ 50ක් යොදවා ඇති බවත් දිවයින පුරා ඇති සතොස වෙළඳ මධ්‍යස්ථාන 370ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඒ තුලින් ජීවන වියදම අඩුකිරීමට හැකිවන බවත් ඇමැති කීවේය.