සතොසෙන් සහන මිලට පොල්


(රංජන් කස්තුරි)

ලබන සතියේ සිට සහන මිලට සතොස මගින් පොල් අලෙවි කෙරෙන බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය පවසයි.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයට අයත් හලාවත වැවිලි සමාගම සහ කුරුණෑගල වැවිලි සමාගමට අයත් වතුවලින් පොල් ගෙඩි 550 000ක් ලබන සතියේ සතොස ගබඩා වෙත බෙදා හැරෙන බවද ඇමති කබීර් හෂීම් මහතා කියයි.

ජීවන වියදම් කමිටුවේදී ගත් තීන්දුවකට අනුව සහනමිලට සතොස හරහා පොල් බෙදාහරින බවද ඇමතිවරයා කීය.