බැංගලෝරයේදී ඇරඹූ ‘ගෙට් ශ්‍රී ලංකන්‘ තුන් දින සංචාරක ප්‍රවර්ධන වැඩසටහනේදී හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා සංචාරක තානාපතිවරයෙකු ලෙස පත් කර ඇත.
ආර්ථීක සංවර්ධන අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ශ්‍රී ලංකාව පිළිබඳ පළමු සංචාරක ප්‍රවර්ධන වැඩසටහන මෙයයි.
බැංගලෝරයේ ටාජ් හෝටලයේදී මෙම වැඩසටහන පැවැත්විනි. එය ශ්‍රී ලාංකීය රාත්‍රිය නමින් හඳුන්වා තිබූණි. ඉන්දියාවේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයන් සහ සංචාරක නියෝජිතායතනවලින් 300කට අධික පිරිසක්, ඉන්දීය නළු නිළියන් රැසක් ද මෙයට එක් වූහ.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම්, ඉන්දියාවේ චෙන්නායි හි නියෝජ්ය මහ කොමසාරිස් ආචාර්ය අමීර් අජ්වාඩ්, උද්හිද උද්යාන හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්යාංශයේ ලේකම් ආචාර්ය විලී ගමගේ, ශ්‍රී ලංකා සංචරණ ආයතනයේ සභාපති භාෂ්වර ගුණරත්න, ශ්‍රී ලංකා අත්කම් මණ්ඩලයේ සභාපති අනිල් කොස්වත්ත, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ කළමනාකරණ අධ්යඅක්ෂ රූමි ජවුෆර් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග යන මහත්වරුන් මේ සඳහා එක්වූහ.