සමත්හු සම්මාන ලබති


කැලණිය විශ්ව විද්‍යාලයයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ සම්මාන ප්‍රදානෝත්සවය කැලණිය විශ්ව විද්‍යාලයයේදී පැවැත්විණි.

එහිදී දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, ජාත්‍යන්තර අධ්‍යයනය, සමාජ සංඛ්‍යානය, ආර්ථික ක්‍රම සම්පාදනය, මූල්‍ය ආර්ථිකය, සංඛ්‍යානය සහ සංචාරක ආර්ථිකය විෂය සඳහා ඉහළම ලකුණු ලබා ගත් විද්‍යාර්ථයින්ට සම්මාන පිරි නැමිණි.

කැලණිය විශ්ව විද්‍යාලයයේ උපකුලපති මහාචාර්ය සරත් අමුණුගම, කදිරගාමර් පදනමේ සභාපතිනි සුගන්ති කදිරගාමර්, ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ආචාර්ය සමන් කලේගම මහත්ම මහත්මීහු මෙහිදී දෙසුම් පැවැත්වූහ.