සහන පොහොර නෑ


කපා හළ පොහොර සහනාධාරයට විසදුමක් මෙතෙක් රජය ලබාදී නැතැයි ශී‍්‍රලංකා ගොවි සංගමය පවසයි.

කුඹුරු අක්කරයකට පොහොර කිලෝ 90 ක් සපයන ලෙස කෘෂිකර්මාන්ත අමාත්‍යංශය නිර්දේශ කර ඇතත් කප්පාදුව නිසා දැන් ගොවීන්ට ලැබෙන්නේ අක්කරයකට කිලෝ 76 ක පොහොර ප‍්‍රමාණයක් බව සංගමය කියයි.වගා කටයුතු සිදුකිරීම මේ නිසා අපහසුය.

විසදුම් ලබා නුදුන්නහොත් මෙවර වි අස්වැන්න අඩු වීම නොවැළැක්විය හැකි වනු ඇතැයි සංගමය අනතුරු අගවයි.