රජය විසින් සහනදායී වාහන බලපත්‍ර සම්බන්ධයෙන් සිදුකළ අයවැය ප්‍රකාශයෙන් පසු එසේ වාහන මිලට ගැනීම නොවැම්බර් 21 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වහාම නවතා දැමුණු අතර මෙතෙක් ලබාගෙන ඇති වාහන බලපත්‍රවලට අදාළව තවමත් වාහනයක් ආනයනය කිරීමට ණයවර ලිපි විවෘත කිරීම හෝ දේශීයව එකලස් කරන ලද මෝටර් රථයක් මිලදී ගැනීමට ගිවිසුම් ගත වීම දෙසැම්බර් 31 වැනිදා තෙක් පමණක් කළ හැකි බව මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියයි.
වාහනය ආනයනය කිරීම හෝ දේශීයව මිලදී ගැනීම අදාළ බලපත්‍රයේ වලංගු කාලය තුළදී සිදුකළ යුතු බව එහි දැක්වේ.