ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 03 හා 04 යන මට්ටම් සම්පූර්ණ කිරීම අ.පො.ස සාමාන්‍ය පෙළ හා අ.පො.ස උසස් පෙළ සමත් වීම හා සමාන සුදුසුකමක් ලෙස සලකන ලෙස ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (7) පැවැසීය.
එ අනුව එන්.වී.කියු 3 මට්ටම සම්පූර්ණ කිරීම අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් වූ බවටත් එන් වී ක්යු 4 මට්ටම සම්පූර්ණ කිරීම අ.පො.ස උසස් පෙළ සමත් වීම හා ඊට සමාන සුදුසුකමක් ලෙස සැලකෙන බවත් අමාත්‍යවරයා කීවේය.
රැකියා අවස්ථාව ලබාගැනීමේදී කාර්මික රැකියා ක්ෂේත්‍රයේ පැවැති ගැටළු සහගත තත්ත්වයට විකල්පයක් ලෙස තමා මෙම යෝජනාව ඉදිරිපත් කළ බවත්, ඒ අනුව ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවත් සමරසිංහ මහතා සඳහන් කළේය.