සාම්පූර් බලාගාරයට කොළ එළිය


ඉන්දියාවේ සහය ඇතිව ති්‍රකුණාමලයේ සාම්පූර්හි ඉදිකිරීමට නියමිත ගල් අගුරු බලාගාරයේ වැඩ කඩිනම් කරන්නැයි ජනපති මහින්ද රාජපක්ෂ මහතා විදුලි බල හා බලශක්ති අමාත්‍යංශhg බළධාරීන්ට උපදෙස් දී තිබේ.

බලාගාරය ඉදිකිරීම සදහා වැය වේයැයි අපේක්ෂිත මුදල ඩොලර් ලක්ෂ 5120 කි.

පසුගිය ඔක්තෝබර් මාසයේදී බලාගාරය ඉදිකිරීම සදහා පැවැත්වුනු සාකච්ඡා සාර්ථකව නිමා කිරීමට ශ්‍රී ලංකාව හා ඉන්දියාව කටයුතු කළ අතර එවක ඉන්දියාවේ විදේශ අමාත්‍ය සල්මන් කුර්ෂිඩ් මහතා ඉන්දියාව වෙනුවෙන් පෙනී සිටියේය.

බලාගාරයේ ඉදිකිරීම් කටයුතු වසරක් ගතවීමට මත්තෙන් ආරම්භ කිරීමටත් 2018 වසර වන විටදී ජාතික විදුලි බල පද්ධතිය හා බලාගාරය සම්බන්ධ කිරීමටත් එම සාකච්ඡා වලදී දෙපාර්ශවය එකග වූහ.

බලාගාරය පිහිටුවීමෙන් අඩු මිලට විදුලිය ලබා දිය හැකි වනු ඇතැයි පැවසේ.මෙගා වොට් 250 බැගින් වන බලයකින් යුතු විදුලි බල ජනක යන්ත්‍ර දෙකකින් බලාගාරය සමන්විත වනු ඇත.