සිංගප්පූරු ඇමැති ලංකාවේ


සිංගප්පූරු විදේශ කටයුතු හා නීතිය පිළිබද අමාත්‍ය කේ.ෂන්මුගම් මහතා අද (23) දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.

දිවයිනට පැමිණි පසු සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාවද හමුවීමට නියමිතය.

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා හා විශේෂ හමුවකටත් ඔහු සහභාගීවනු ඇත.

ෂන්මුගම් මහතා සමග සිංගප්පූරුවේ කර්මාන්ත, අධ්‍යාපන හා ව්‍යාපාරික ක්ෂේත්‍ර නියෝජනය කරන දූත පිරිසක්ද පැමිණෙන බව සඳහන්වේ.