තිළිණි ද සිල්වා
සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් මේ වසර අගදී අත්සන් කිරීමට කටයුතු කරන බව දෙරෙට් විදේශ අමාත්‍යවරු අද (18) කොළඹදී මාධ්‍ය වේදීන් හමුවේ පැවසූහ.
නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි සිංගප්පූරු විදේශ අමාත්‍ය වී.බාලක්‍රිෂ්ණන් මහතා අද (18) දහවල් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී මෙරට විදේශ අමාත්‍ය රවී කරුණානායක හමුතා හමුවී පැයකට ආසන්න කාලයක් සාකච්ඡා පැවැත්වීය. සාකච්ඡා වලන් පසුව දෙස් විදෙස් මාධ්‍ය හමුවේ කරුනු දක්වමින් දෙරෙටේම විදේශ අමාත්‍යවරු මෙම ගිවිසුම සම්බන්ධයෙන් පැවසුහ.
සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යවරයා අද (18 ) සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද හමු විය. ජාතික සංහිඳියාව ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දරණ උත්සාහය ප්‍රශංසනීය බවත් , මෙරට බලශක්ති, අධ්‍යාපන හා තාක්ෂණික යන අංශවල ආයෝජනයන්ට සිංගප්පූරුව සූදානම් බවත් විදේශ අමාත්‍යවරයා කීවේය. සිංගප්පූරු ආයෝජකයින් 300 ට වැඩි පිරිසක් දැනටමත් ශ්‍රී ලංකාව තුළ ආයෝජන කර ඇති බවත් ඔහු කීවේය.
ඡායාරූප - ඉෂාන් සංජීව