සිංගප්පූරුවේ ඉදිකිරීම් කෂේත්‍රයේ රැකියා සදහා ශ‍්‍රී ලාංකීය ශ‍්‍රමිකයන් පුහුණු කිරීමේ පළමු සිංගප්පූරු ආයතනය වන ‘ෆොන්ඩා ග්ලෝබල් ඉංජිනියරින් ලංකා‘ ආයතනය කටුනායක නිදහස් වෙළද කලාපයේ ස්ථාපනය කරනු ලැබීය.
විදේශ රැකියා සඳහා පුහුණු ශ‍්‍රමිකයන් යොමු කිරීම මෙහි අරමුණ වෙයි. ශ‍්‍රී ලාංකීය තරුණ තරුණියන් සදහා සිංගප්පූරුවේ රැකියා ලබාගැනීමට පහසු පාඨමාලා රැසක් මෙහි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර ඔවුන් පුහුණු කිරීමද මෙම ආයතනය මගින් සිදුවේ. මෙය සිංගප්පූරු ගොඩනැගිලි ඉදිකිරීම් ආයතනයේ අනුමැතිය සහිතව මෙරට ආරම්භ කළ එකම ආයතනය වෙයි.
‘ෆොන්ඩා ග්ලෝබල් ඉංජිනියරින් ලංකා පුද්ගලික සමාගම‘ විවෘත කිරීම ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධක අමාත්‍ය ඩිලාක් පෙරේරා යන මහත්වරුන් අතින් සිදුවිය.
ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ නවීන තාක්ෂන ක‍්‍රමවේදයන් මෙහිදී ශ‍්‍රී ලාංකික තරුණ තරුණියන්ට ලබා ගත හැකි වන අතර මෙහි පාඨමාලා සාර්ථකව නිමාකරන අයට සිංගප්පූරු ගොඩනැගිලි අධිකාරියේ වරලත් නිලධාරීන්ගේ අධීක්ෂනය යටතේ ප‍්‍රායෝගික හා ලිඛිත පරික්ෂනයකට මුහුණ දීමට සිදුවන අතර එහි ප‍්‍රථිඵල අනුව සිංගප්පූරුවේ ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථාවන් හිමි වේ.
මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධක අමාත්‍ය ඩිලාන් පෙරේරා, සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා, ෆොන්ඩා ග්ලෝබල් ඉංජිනියරින් ලංකා පුද්ගලික සමාගමේ තළමනාකාර අධ්‍යක්ෂක ජේම්ස් සියචු, විදේශ රැකියා ප‍්‍රවර්ධන හා සුභසාධක අමාත්‍යංශයේ ලේකම් නිස්සංක එන් විජේරත්න, සභාපති අමල් සේනාලංකාධීර යන මහත්වරුන් සහභාගී වූහ.