සිංහ සමාජය මීරියබැද්දට අත දෙයි


කොස්ලන්ද,මීරියබැද්දේ පසුගියදා ඇති වු  නාය යෑමෙන්  විපතට පත් පවුල්වල  දරු දැරියන් සඳහා උපකාර කිරීමට පොළොන්නරුව සිංහ සමාජය මැදිහත් වෙයි.

එම දරුවන්ගේ අනාගත සුභ සිද්ධීය උදෙසා ඔවුන් නමින්  ලංකා බැංකුවේ කොස්ලන්ද ශාඛාවේ බැංකු ගිණුම් ආරම්භ කොට ඕනෑම අයකුට මුදල් පරිත්‍යාග කිරීමට අවස්ථාව සලසා දී  ඇතැයි පොළොන්නරුව සිංහ සමාජයේ සභාපති සිංහ වෛද්‍ය නිහාල් ගුණතිලක මහතා පැවසීය.

දිස්ත්‍රික් 306 සී1 සිංහ සමාජයේ සිංහාධිපතිනි කුසුම්  සඳනායක මහතාගේ මඟ පෙන්වීම යටතේ පොළොන්නරුවේ  සිංහ සමාජිකයෝ සියලුම සමාජිකන්ගේ  දායකත්ව ඇතිව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ බවද වෛද්‍ය නිහාල් ගුණතිලක මහතා සඳහන් කළේය.