සිමෙන්ති කම්හල් වලට තායි රටෙන් නව ආයෝජන


පුත්තලම හා ගාල්ල සිමෙන්ති කර්මාන්ත ශාලා සදහා නව ආයෝජන සිදු කිරිමට තායිලන්තයේ ප්‍රධාන සිමෙන්ති නිෂ්පාදන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සිවා මහසන්දන ඇතුළු ප්‍රධාන පෙළේ නිලධාරිහු පිරිසක් අද (10)  ජනපති මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා හමුවී පැවසුහ.

ශ්‍රී ලංකාව වර්තමානයේ ළඟාකර ගෙන තිබෙන ආර්ථීක වර්ධන වේගය  නියෝජිත පිරිසගේ ඇගයීමට ලක් වූ බවත් ශ්‍රී ලංකාව  ආයෝජන සඳහා ඉතා සුදුසු රටක් බවත් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ තවත් ආයෝජන රැසක් සිදු කිරීමට තම සමාගම කැමැති බව ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබද ජනපති නියෝජිත පිරිස දීර්ඝ වශයෙන් දැනුවත් කළේය.

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

unnamed

(ජායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)