සිමෙන්ති මිල නගී


කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 60කින් වැඩි කිරීමට පාරිභෝගික අධිකාරිය සිමෙන්ති සමාගම් පහකට අවසර දුන්නේය.

සිමෙන්ති කොට්ටයක නව පාලන මිල රුපියල් 930කි.

සිමෙන්ති සමාගම් දහයකින් ටෝකියෝ, හොල්සිම් ලංකා, අල්ට්‍රාටෙක්, සෙලින්කෝ, සිංහ සහ ලෆාජ් මහවැලි න සිමෙන්ති සමාගම්වලට මිල වැඩිකිරීමට අවසර දී ඇත්තේ එම සමාගම් කළ ඉල්ලීමක් අනුවය.

ජූනි 1 වැනිදා සිට නිෂ්පාදනය කරන සිමෙන්ති තොග සඳහා පමණක් මිල වැඩිවීම බලපාන අතර දැනට වෙළඳපොළේ පවතින සිමෙන්ති සඳහා මිල වැඩිවීම බලනොපාන බවද අධිකාරිය කියයි.