සීගිරි පුහුණු පාසැල ඇරඹේ


ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ සීගිරි කඳවුරේ ස්ථාපනය කළ  සංග‍්‍රාහක කළමනාකරණ පුහුණු පාසල ගුවන්හමුදාපති   එයාර් මාෂල්  හර්ෂ අබේවික‍්‍රම මහතා අතින් විවෘත විය.

ශ‍්‍රී ලංකා ගුවන්හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන  හෙලි ටුවර්ස් ඇතුළු සංචාරක ක්ෂේත‍්‍ර   සඳහා අවශ්‍ය පිරිස්  පුහුණු කිරීම මෙහි අරමුණ වේ. 


ප‍්‍රවර්ධන අධ්‍යක්ෂක යටතේ පාලනය වන මෙම පාසල මගින් හොටෙල් ක්ෂේත‍්‍රය සහ සංචාරක ක්ෂේත‍්‍රය  පිළිබද පුළුල් දැනුමක් පුහුණවන්නන්ට ලබාදිම  මෙන්ම  ඔවුන්ගේ දක්ෂතා  වර්ධනය කිරිමට බලාපොරොත්තු වේ.


ශි‍්‍ර ලංකා සංචාරක හා හොටෙල් කළමණාකරන අංශය මගින් අවශ්‍යය දැනුම මෙහි පුහුණුවිමි ලබන ශිෂ්‍යයන් හට ලබාදිමට සියළුකට යුතු සුදානමි කර ඇත.
 

සිගිරි ගුවන් හමුදා කදවුරේ අණදෙන නිළධාරි විංග් කර්මාන්ඩර් සි පි ගුණතිලකද,  ගුවන් හමුදා සමාජික සාමාජිකාවෝද එහි වූහ.